Friday, January 13, 2012

NERD Centre - මොකද්ද මේ නර්ඩ් මධ්‍යස්ථානය කියන්නේ



නර්ඩ්, අවුරුදු තිස්ගනනක් තිස්සේ අපගේ ජනතාවගේ කනට ටිකක් විතර හුරුපුරුදු නමක්. නර්ඩ් කියන්නේ ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය කියන තේරුම දෙන National Engineering Research and Development Centre කියන ඉංග්‍රිසි පදපෙලෙහි කෙටියෙදුම විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. තාක්ෂණය ගැන කථාකරන්න ඇවිල්ලා ඇයි මේ එක එක ආයතන ගැන තොරතුරු සටහන් කරන්නේ කියලා සමහරවිට ඔයගොල්ලන්ට ගැටළුවක් ඇතිවේවි. ඒත් පොඩ්ඩක් ඉවසන්න, මේ බ්ලොග් එකෙහි ඉදිරිපත් කෙරෙන තාක්ෂණික කාරණා සම්පූර්ණ වීම සදහා ඔබ මේ ආයතනයගැන දැනගෙන හිදීම අනිවාර්යයෙන් වැදගත්.

රටේ තාක්ෂණික සංවර්ධනය කෙරෙහි වැදගත් මෙහෙයක් ඉටුකරන මේ ආයතනයේ අතීතයට පොඩ්ඩක් එබී බැළුවොත්, ඔන්න ඔය පහතින් දැක්වෙනවා වාගේ විස්තරයක් තමයි කියන්න වෙන්නේ.

නර්ඩ් ආයතනය, 1974 දී එවකට පැවති කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යාංශයේ පුරෝගාමිත්වයෙන් රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ පිහිටුවන ලද්දක්. දේශීය තාක්ෂණික ක්‍රම දියුණුකිරීම සදහා අවශ්‍ය ආයතනික සහයෝගය ලබාදීමත්, කර්මාන්ත කරුවන්ට බලපාන ඉංජිනේරුමය ගැටළුවලට පිළියම් යෙදීමත්, ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණික ක්‍රම සැලසුම් කිරීම සහ ඒවා සංවර්ධනය කිරීමත්  ආයතනය පිහිටුවීමේ අරමුණු විදිහට කියවෙනවා.
විශ්ව කීර්තියටපත් ඉංජිනේරුවරයකු වූ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා ( එතුමන් වැඩිපුරම ප්‍රසිද්ධ කොන්ක්‍රිට් කුලසිංහ කියලායි. එතුමන් ගැන පෝස්ටුවකුත් ඉදිරි දිනයක පලවේවි) 1977 දී මෙහි සභාපතිත්වයට පත් වූ අතර මොරටුවේ ස්ථානගතවතිබූ ආයතනය, 1979 දී ඒකල කාර්මික ජනපදයෙහි අක්කර 9 ක් තරම් සුවිසල් භූමිභාගයක් වෙත රැගෙන ඒමට ඒ මහතා මූලික වුණා. ආයතන පරිශ්‍රයෙහි ගොඩනැගිලි ඉදිකිරීමේ කාර්යයන්ම පිරිමැසුම්දායක ඉදිකිරීම් ශිල්පක්‍රම අත්හදාබැලීමේ නව පර්යේෂණයන් බවට පත්කරගත් ඒමහතා ප්‍රමුඛ නර්ඩ් ඉංජිනේරු කැල, ඒ ඔස්සේ නව සොයාගැනීම් රැසක් රටට දායාද කිරීමටද සමත්වුණා.

එයට අමතරව කාලීන සහ දේශීය අවශ්‍යතාවනට අනුකූලව කේෂ්ත්‍ර කිහිපයක පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වල නිරතවෙමින් ජයග්‍රහණ රැසක් ජනතාවට අත්කර දීමට නර්ඩ් ආයතනයට හැකියාව ලැබුණා. විශේෂයෙන් බලශක්ති අර්බුදයට පිලියම් වශයෙන් සූර්ය බලය, සුලං බලය ජීවවායුව සහ කුඩාපරිමාණ ජල විදුලිය ආදී විකල්ප ශක්ති ප්‍රභවයන් පිලිඹදවද, විවිධ ගෘහස්ථ සහ කර්මාන්තමය උපකරණ සහ මෙවලම් වැඩිදියුණු කිරීම් ද ඒ අතර  වුණා.

නර්ඩ් ආයතනය විසින් වැඩිදියුණු කරන ලද තාක්ෂණයන් විවිධ ආකාරයෙන් ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කරනු ලබනවා. එයින් එක් ප්‍රධාන ක්‍රමවේදයක් වන්නේ අනෝන්‍ය සුභසිද්ධිය සදහා සැකසුන තාක්ෂණික පැවරුම් ගිවිසුමක් ඔස්සේ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් වෙත තාක්ෂණය පැවරීමයි. මෙසේ තාක්ෂණය පැවරීමෙන් අනතුරුව අදාල ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යාම සදහා අමතර තාක්ෂණ උපදෙස් ලබාදීමත් ප්‍රමිති හා අනුකූලතාවය පිලිඹදව පසුවිපරම් කිරීමත් මධ්‍යස්ථානය මගින් සිදුකෙරෙනු ලබනවා. මෙම ක්‍රියාවලිය රටට හිතැති තාක්ෂණයක් අනුගමනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැසක් රටට දායාද කිරීමට සමත්වූ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රය සැලකුවහොත් නර්ඩ් පිරිමැසුම් දායක ඉදිකිරීම් තාක්ෂණය දිවයින පුරා ජනතාව වෙත වඩාත් සමීපකිරීමටද එය දායක වුණා.

 නර්ඩ් තාක්ෂණයෙන් ‍‍ගොඩනගනලද නිවසක්
මෙයට අමතරව රටපුරා විසිරුණ විදාතා මධ්‍යස්ථාන ඔස්සේද, විවිධ වූ තාක්ෂණික ප්‍රදර්ශණ සහ විශේෂයෙන් 1998 දී ආයතන භූමියෙහි ඇතිකරන ලද තාක්ෂණික උද්‍යාණයද සාමාන්‍ය ජනතාව වෙත තාක්ෂණය රැගෙනයාමේ වැදගත් මෙහෙයක් මේ මොහොත දක්වාම ඉටුකරනු ලබනවා.

 කර්මාන්ත උද්‍යාණ පිවිසුම
නර්ඩ් ආයතනය විසින් පවත්වාගෙන යනුලබන තාක්ෂණික උද්‍යාණය ඔබටත් නැරඹිය හැකියි. බොහොම පුංචි අයකිරීමක් සිදුකරනවා වැඩිහිටියකුට රු.15/=කුත් පාසල් ලමුනට  රු.10/=කුත් වශයෙන්. උදයේ සහ සවස විස්තර කිරීම් සහිත ප්‍රධාන චාරිකා සැසි දෙකක් පැවැත්වෙනු ලබනවා. දිනපතා පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙන නිසා, තාක්ෂණික උද්‍යාණය නැරඹීම සදහා පූර්ව අනුමැතිය ලබාගැනීම වැදගත්.  තාක්ෂණික උද්‍යාණය සම්බන්ධ කරගැනීම සදහා 011-2234267 යන ඍජු දුරකථන අංකය හෝ 011-2236284 011-2236384 යන දුරකථන අංක සමග 414 දිගුව ඉල්ලා සිටීම හෝ techno@nerdc.lk යන විද්‍යුත් ලිපිනය ඔබට භාවිතා කරන්න පුළුවන්.

 කර්මාන්ත උද්‍යාණය ඇතුලත දර්ශනයක් 

 අපේ අදහස
ඉතින් තවත් මෙවන් තාක්ෂණය සමග බැි තොරතුරු මිටක් සමගින් සත්දිනකින් නැවත හමුවෙමු. ඔබට සුභ සතියක්.

17 comments:

  1. මාත් මේක ගැන හොයා හොයා හිටියේ!
    මේකේ වෙබ් ලිපිනය වැඩ කරන්නේ නෑ නේද??

    ReplyDelete
    Replies
    1. Hi Nuwan,

      මෙහෙමයි වැඩේ, සිංහල භාෂාවෙන් නම් web site එක තවම වැඩනැහැ. ඒත් ඉංග්‍රිසි මාධ්‍යයෙන් නම් ඒක වැඩ.

      http://www.nerdc.lk/

      Delete
  2. ඵල ඵල...වටින ලිපියක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලහිරු. දිගටම අපිත් එක්ක රැදෙන්න.

      Delete
  3. දවසක යන්න ඕනෙ බලලා එන්න..

    දුර වැඩි හින්දම මෙච්චර කල් යන්න උනේ නෑ..

    ReplyDelete
    Replies
    1. කොළඹ පැත්තේ ආපු දවසක පැයක් හමාරක් ඒ වෙනුවෙන් වෙන්කලාට පාඩුවක් වෙන එකක් නැහැ.

      Delete
    2. හි.හි..
      මෙව්වා අහල පණ පලයන් පෙරේදා කිව්වලු..
      මම ඉන්නෙ ඔකෙ අල්ලපු වැටේ වගේ බං..
      ඒත් බලන්න ගිහින් නෑ...

      Delete
    3. අපොයි මුලින් මටත් ඔ‍යගැන පොඩ්ඩක් විතර සැක හිතුනා . ඒත් ඇත්ත‍ටම දුර ඉන්න එකෙක්නම්... කියලා හිතලා තමයි උත්තර බැන්දේ.

      එහෙනම් පලයං ඒ පැත්තේ ලඟදිම.

      Delete
  4. Mevan From Dubai

    mama payaganak oyage blog ekata enter wela kiyawanawa. mamath ge hadana gaman. aparade mama ge hadana wade patan ganna issella meka dakke nane. ehenam mage theerana wens wenna thibuna.... blog ekanam ela hode. thanks very much....elama thama.. mamath oya nerd eka gana godak kal idala ahala thiyenawa. eath mama inne matara nisa ea technology eka ganna vidiyak na. mokada ape paththe inna ayyala NERD technology ekata anuwa products karanawa kiyala kiwuwata mata sure ne... upadeswalata ayeth sarayak thanks kiwuwa hode....

    ReplyDelete
    Replies
    1. උනන්දු කිරීම ගැන ස්තුතියි සහෝ,

      දිගටම අපත් එක්ක රැඳෙන්න. මොකද ගෙදර හදලා තාම ඉවර නැතිනම්, තව ඕනතරම් දේවල් තියෙනවා දැනගන්න. කපරාරු, විදුලි තත් ඇදීම්, ජලනල, පින්තාරු.... තව කොච්චර දේවල් තියෙනවාද.

      මගේ බලාපොරොත්තුව නිවසක් ඉදිකිරීම ගැන A to Z මේ බ්ලොග් එක හරහා කියලා දෙන්නයි. එහෙම කරලා රටේ සම්පත් වලින් සැලකියයුතු ප්‍රමාණයක් රටට ඉතිරිකරගන්න පුංචිහරි දායකත්වයක් ලබලා දෙන්නයි.

      Delete
  5. මමත් ලගදිම නිවසක් ඉදිකිරීම සදහා බලාපොරොත්තු වෙන් සිටිම.එහෙත් අධික මුදලක් වැය කිරීමට මා හට පුලුවන් කමක්ද නැත.එම නිසා නර්ඩ් අයතනයේ අඩුවියදමකින් සාදා ගත හැකි නිවසක් ඉදිකිරීම සදහා බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  6. මමත් ලගදිම නිවසක් ඉදිකිරීම සදහා බලාපොරොත්තු වෙන් සිටිම.එහෙත් අධික මුදලක් වැය කිරීමට මා හට පුලුවන් කමක්ද නැත.එම නිසා නර්ඩ් අයතනයේ අඩුවියදමකින් සාදා ගත හැකි නිවසක් ඉදිකිරීම සදහා බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  7. තංගල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීම සදහා නර්ඩ් අයතනයේ තාක්ෂණ දැනුම ඇති පෙදරේරුවකු සොයා ගත හැකිද ? සමන්‍ය නිවසක් ඉදිකිරීම සදහා කොපමණ මුදලක් වැයවෙතැයි කිමට හැකිද?
    මම
    සුරංග අබේසේකර

    ReplyDelete
  8. nerd eken hadapu composite slab eka gana post ekak danna puluwan nam.

    ReplyDelete
  9. අඩුවියදමින් ගෙදරක් හදාගන්න ක්‍රමයක් දැන ගන්න පුලුවන්ද

    ReplyDelete
  10. මම අවු 10 විතර කලින් ගිහින් තියෙනවා .හොඳයි

    ReplyDelete

මේ වැඩේ හොදද නරකද කියලා කිව්වොත් ඒක ඉදිරි පෝස්ටු වලට නම් පුංචි තල්ලුවක් වේවි. හැබැයි කොමෙන්ටුවක් නොදැම්මා කියලා මගේ හිතේ කිසිම කහටක් නම් නැහැ ආයිබොවන්ඩ....