Tuesday, September 4, 2012

කොන්ක්‍රීට් ගැන වැඩියමක් - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු (කොන්ක්‍රීට් -2)


නිවාස ඉදිකිරීමේදී හැමෝටම වැදගත්වෙන දෙයක් තමයි කොන්ක්‍රීට්. එහෙම වුනත් තමන්ගේ සිහින නිවාසය ඉදිකිරීමේදී කොන්ක්‍රීට් සම්බන්ධ කාරණා වලදී නොදැනුවත්කම නිසාම බොහෝදෙනකු අමාරුවේ වැටෙනවා. නිවාස ඉදිකිරීමේ පිරිමැසුම්දායක තාක්ෂණයන් ගැන සොයමින්යන අපගේ තාක්ෂණික චාරිකාවේ මීලඟ නවාතැන මහල් නිවාස සදහා කොන්ක්‍රිට් තලය (Concrete floor slab) ඉදිකිරීම වනනිසා, එයට කලින් මෙය කියවන ඔබ කොන්ක්‍රිට් පිලිබඳ මූලික දැනුවත්වීමක් ලබාසිටීම වැදගත්.  ඒ නිසා අද දවස කොන්ක්‍රීට් හා සම්බන්ධ නිවැරදි තාක්ෂණික කාරණා කිහිපයක් වෙනුවෙන් වෙන්කරන්න හිතුවා. හැබැයි ඉතින් මේක තාක්ෂණික පාඩමක් නොවන නිසාත්, විවිධ මට්ටම්වල උදවිය මේක කියවන නිසාත් අතු ඉති කපලා හැකිතරම් සරලව අවශ්‍ය දේවල් විතරක් කියන්නම්. වැඩි විස්තර උවමනා අයට කොමෙන්ටුවකින් හරි මගේ විද්‍යුත් ලිපිණයට විදි ඊයකින් හරි විමසන්න කියලා ආරාධනා කරනවා.

මේ වගේ යන්ත්‍රයක් තියෙනවනම් ගෙදර වැඩට ඉහටත් උඩින්

කාටත් තේරෙන විදිහට කිව්වොතින්,  කොන්ක්‍රීටයක් කියන්නේ සිමෙන්ති, වැලි, ජලය සහ කුඩාවට කඩාගන්නා ලද කළුගල් (මෙටල්) යම් නිෂ්චිත අනුපාතයකට මිශ්‍රකර සකස්කරගනු ලබන කෘත්‍රිම ගල්විශේෂයක්. ආරම්භක අවස්ථාවේදී එය තැන්පත් කරනු ලබන අච්චුවෙහි හැඩය ලැබගන්නා.., ගරාවැටෙනසුළු අර්ධ ඝණ තත්වයේ පැවතුනත්, යම් නිෂ්චිත කාල පරාසයකට පසුව ඉතා ශක්තිමත් ඝණ ද්‍රව්‍යයක් බවට මුළුමනින්ම පරිවර්ථනයවීම මෙහි එක් විශේෂත්වයක් විදිහට සලකන්න පුළුවන්. සාපේක්ෂව මිලෙන් අඩු වීමත්, භාවිතයේ ඇති පහසුවත් ඒවගේම කාර්මික මට්ටමේ යෙදීම් වලදී  යම්යම් අමතර සංඝටක එකතුකිරීමෙන් කොන්ක්‍රීටයේ ආවේනික ගතිගුණ වෙනස්කරන්න එහෙමත් නැතිනම් වැඩිදියුණු කරන්න තියෙන හැකියාවත් නූතන ඉදිකිරීම් සදහා ජනප්‍රියම අමුද්‍රව්‍යයක් බවට එය ඔසවාතබන්නට හේතුවන්නට ඇති. 

මේකට කියන්නේ යාන්ත්‍රික ගිලුම් කම්පකය කියලායි

නිවසක් ඉදිකිරීමේදී යොදාගැනෙන කොන්ක්‍රීට් වර්ග අපට ප්‍රධාන වර්ග දෙකකින් දැකගන්න පුළුවන්. එනම් කම්බි යොදාගැනෙනු ලබන කොන්ක්‍රීට් සහ කම්බි යොදාගනු නොලබන කොන්ක්‍රීට් වශයෙනුයි. මේවා වඩා තාක්ෂණිකව හැදින්වුවහොත් වැරගැන්නුම් (reinforcement) භාවිතා කරන එනම් ව්‍යුහාත්මක (Structural) කොන්ක්‍රීට් සහ වැරගැන්නුම් භාවිතා නොකරන එනම් ව්‍යුහාත්මක නොවන කොන්ක්‍රීට් විදිහට දක්වන්න පුළුවන්.
නිවසක ගෙබිම සඳහා යොදන කොන්ක්‍රීටය, එතකොට මහල් නිවාස අත්තිවාරමක නම් පතුලට යොදන නිසරු කොන්ක්‍රීටය(Screed) මෙවන්  ව්‍යුහාත්මක නොවන කොන්ක්‍රීට් විදිහට හදුන්වන්න පුළුවන්. මේවා සදහා බොහෝවිට සිමෙන්ති: වැලි: මෙටල් 1:3:6(3/4”) යන මිශ්‍රණ අනුපාතයන් යොදාගැනෙනු ලබනවා. මෙහි වරහන් තුල දක්වා ඇත්තේ මෙටල් වල හරස්කඩ ප්‍රමාණයයි. මෙම මිශ්‍රණය G.15 නමින්ද හදුන්වනු ලබනවා. එයින් කියැවෙන්නේ දින 28 කදී මෙවන් කොන්ක්‍රීටයක් 15N/mm2   ක සම්පීඩන ශක්තියක් ලබාගන්නා බවයි. කොහොම වුනත් ඔබේ නිවස ඉදිකරණුලබන පෙදරේරු මහතා ඉහත කී මිශ්‍රණයට 1:3:5(3/4”) ලෙසින් මඳක් අඩු මෙටල් ප්‍රමාණයක් භාවිතා කලාට බරපතල හාණියක් සිදුනොවන බව සැලකීම වැදගත්.

අය්යලා දෙන්නා කොන්ක්‍රීට් දානවා

නිවසක කණුපාදම්(Column bases), කොන්ක්‍රීට් කණු(Column) , ලින්ටල(Lintels), කොන්ක්‍රීට් තලාඳ (Beam) සහ කොන්ක්‍රීට් තලය (Slab) ප්‍රධාන වශයෙන්ම ව්‍යුහාත්මක කොන්ක්‍රීට් භාවිතාවන අවස්ථා විදිහට හදුන්වන්න පුළුවන්. අපේරටේ නිවසක් ඉදිකිරීම බොහෝවිට කාර්මික ඉදිකිරීම් ඝණයට නොවැටෙන නිසා, මේවා සදහා බොහෝවිට සිමෙන්ති: වැලි: මෙටල් 1:2:4(3/4”) යන මිශ්‍රණ අනුපාතයන් යොදාගැනෙනු ලබනවා. මෙම මිශ්‍රණය G.20 නමින්ද හදුන්වනු ලබනවා. එයින් කියැවෙන්නේ දින 28 කදී මෙවන් කොන්ක්‍රීටයක් 20N/mm2   ක සම්පීඩන ශක්තියක් අවම වශයෙන් ලබාගන්නා බවයි. කොහොම වුනත් ගෘහස්තමය ඉදිකිරිම් වලදි අපේරටේ මෙම මිශ්‍රණය භාවිතා කෙරෙනුයේ සි:වැ:ගල් 1:2:3(3/4”) වශයෙනුයි. පෙදරේරු මහතුන් අතර මහත්සේ ජනප්‍රිය 1:2:3 මිශ්‍රණය කියන්නේත් මෙයටම තමයි.

ගිල්ලුම් කම්පකය යොදාගන්නේ මෙහෙමයි

මෙසේ වැරදි අනුපාතයකට අමුද්‍රව්‍ය යොදාගැනීම නිසාවෙන් මිශ්‍රණය සඳහා භාවිතාවන මෙටල් ප්‍රමාණය 25%කින් පමණ අඩුවීමක් සිදුවනබව හිතන්න පුළුවන්. ඉතින් ඒ හේතුකොටගෙන, ඉදිකරනු ලබන කොන්ක්‍රීට් ව්‍යුහයේ ශක්තිය අඩුවිමත්, සිමෙන්ති, වැලි ආදි අනෙකුත් අමුදුව්‍ය සදහා වන පිරිවැය වැඩිවිමත් යන අවාසි අත්විදින්න ඔබට සිදුවෙන්න පුළුවන්. කොහොමවුනත් තාක්ෂණිකව මෙවන් මිශ්‍රණ අනුපාතයන් සකස්කර ඇත්තේ හොදින් ඇසුරුණ රළුසමාහාරක (Coarse Aggregate (rock)මෙටල්) අතර හිදැස් සියල්ල සියුම් සමාහාරක(Fine Aggregate (sand)වැලි) සහ න්‍යාසය (Matrix සිමෙන්ති) අංශුන්ගෙන් පිරී සිදුරු රහිත ඝණයක් ඇතිවන ලෙසයි. ඒත් එහෙමය කියලා නියම අනුපාතයටම මෙටල් එකතුකරන්න බලකලොත්, යාන්ත්‍රික ගිලුම් කම්පක (Poker vibrator) නොමැතිව අතින් “කොන්ක්‍රීට්-කොටන“  ඔබේ පෙදරේරු මහතා, කොන්ක්‍රීට් ව්‍යුහයතුල මීවද ආකාරයේ සිදුරු (Honey comb) ඉතුරුකරමින් එය වඩාත් දුර්වලඑකක් බවට පත්කරගන්නවා නොඅනුමානයි.

කම්පනය කරනකොට මිශ්‍රණයේ හිරවෙලා උන්න හුලං බෝල පිටවෙන්නේ මෙන්න මෙහෙමයි.

කොහොම වුනත් කොන්ක්‍රීට් වල තත්වපාලනය ගැන ගොඩක්දේවල් අද කථාකරන්න යන්නේ නැහැ. මොකද මේක ගොඩක් බරපතල විෂයයක්. ඒ වගේම විචල්‍ය ගණනාවක් තියෙන නිසා යමෙකු ඒවා ගැන මතුපිටින් විතරක් දැනගෙන, තීන්දු තීරණ ගන්න යනඑක එච්චරම නුවනට හුරුදෙයක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි ඇතැමිවිට බොහෝ භයානක ප්‍රතිපල ගෙනඑන්නත් එවන් තීරණයක් හේතුවෙන්න පුළුවන්.   කවුරුත් දන්න සරල උදාහරණයක් ගත්තොත් බොහෝ පෙදරේරු මහතුන් පවා විශ්වාස කරන්නේ කොන්ක්‍රීට් මිශ්‍රණයකට කොපමණ ජලය එකතුවුනත් ගැටළුවක් නැතිය කියලයි. ඒත් සැබැවින්ම ඒක එහෙම නෙමෙයි. මොකද ඒසදහා ප්‍රශස්ථ ජල සිමෙන්ති අනුපාතයක් තියෙනවා. එයට වඩා වැඩිපුර එකතුවන ජලප්‍රමාණය වාෂ්පවීයාමෙන් අනතුරුව කොන්ක්‍රීටයක ඇසට නොපෙනෙන තරම් සියුම් සිදුරු ඉතුරුකරමින්, මිවද තත්වය ඇතිකරනු ලබනවා. මේ නිසාම මගේ අවවාදය, ඔබ ගමන්ගන්නේ ඔබ ඉතාහොදින් දන්නා මාර්ගයක නොවේනම්, මාර්ගෝපදේශකයකු සදහා ඔබ කරන වියදම, වියදමක් නොව සැබැවින්ම ආයෝජනයක්ය යන්නය. 

ඔන්න මීවද

ඊතල වලින් දැක්වෙන්නේ


මේ තියෙන්නේ බාස්ලාගේ වැඩ ?


පෝස්ටුව දිගවැඩියි. ඒ නිසා කොන්ක්‍රීට් පිලිබඳ තවත් තොරතුරු  බිඳක් සමගින් සත්දිනකින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මෙතනින් සමුගන්නවා. ඔබ සැමට සුභ සතියක්.

ප.ලි.
මෙහි පලකරනලද ඡායාරූප සියල්ල අන්තර්ජාලය ඇසුරින් ලබාගත් ඒවා බව කරුණාවෙන් සලකන්න. 

ප.ප.ලි.
සිමෙන්තිත් ඔන්න වැඩිවෙලාලු !

45 comments:

  1. ඔබගේ උපදෙස් ඉදිරියේදී ඉතාම වැදගත් වෙනවා... බ්ලොග් පෝස්ට් වලට අමතරව උපදෙස් අවශ්‍ය වුනොත් ලබා ගත හැකි වේ යැයි සිතමි(නියමිත ගෙවීම් සහිතව පමණි). ඒ වන තෙක් මෙම කටයුත්ත දිගටම කරන්න..ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      උනන්දු කිරීම ගැන බොහොමත්ම ස්තුතියි.

      මේ බ්ලොග් අඩවිය පටන්ගත්තේ වානිජ පරමාර්ථයකින් නම් නොවේ.
      ඒත් ගොඩක් අයට තාක්ෂණ‍ඥයන්ගේ උදව් අවශ්‍යයි වගේ.
      එවන් සහයක් අවශ්‍ය වෙලාවට කියන්න. පුද්ගලිකව මටම එන්න හැකියාවක් නැති වුනොත් සුදුසු කෙනෙක් ඔබවෙත යොමුකරවන්න හෝ හැකිවේවි.

      දිගටම අපත්එක්ක රැදෙන්න.

      Delete
  2. අදත් වැදගත් ලිපියක්...

    ReplyDelete
    Replies
    1. මාර යාළුවා,

      හැමදාමත්වගේ අපව උනන්දු කිරීම ගැන බොහොමත්ම ස්තුතියි.

      Delete
  3. V,very useful post. Hope 2 see U next week.

    ReplyDelete
    Replies
    1. ඇනා 1,

      පසුගිය මාස කිහිපයේම, වැඩ අධික කම නිසාම සතිපතා අළුත් පෝස්ටු පලකරන එක අතපසු වුනා. ඒත් මේ සතියේනම් තව අළුත් පෝස්ටුවක් ලබාදෙන පොරොන්දුව කඩකරන්නේ නැහැ.

      උනන්දු කිරීම ගැන බොහොමත්ම ස්තුතියි.

      දිගටම අපත්එක්ක රැදෙන්න

      Delete
  4. අපේ බාස්ලාට මේවා කීවට වැඩක් නෑ ..හරි පන්ඩිතයෝ නේ..අපි හොදට දැනගෙන ඉන්න ඕනෑ ...ඒ නිසා ඔබේ ලිපි හරි වැදගත් ,ඉදිරියටත් අපිට දැනගන්න මේවා ගැන තව තවත් ලිපි ලියන්න ඔබට ශක්තිය ලැබේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. ඇනා 2,

      ඇත්ත. ‍වැඩේ ඔබේ නිසා එහි යථා ස්වරූපය ඔබ දැන සිටීම වැදගත්.

      හැබැයි බාස්ලා එක්ක රංඩුවෙන්න යන්න එපා. මොකද බාසුන්නැහැලා අත්දැකීමෙන් දන්නවා වැඩක් කරන වඩාත්ම පහසු ක්‍රමය. ගැටළුව තියෙන්නේ වඩාත්ම පහසු ක්‍රමය වඩාත්ම නිවැරදි ක්‍රමය නොවන එකයි. මේ දෙක අතරේ පරතරය අඩුකරගන්නාඑක තමයි වඩාත්ම සුදුසු.

      Delete
  5. මගේ සේවා දායකයින්ට කොන්ක්‍රීට් ස්ලැබ් දැමීමේ දී Dr fixit වැනි රසායනික ප්‍රතිකාර ක්‍රම යෝජනා කළත්, පෙදරේරු මහත්වරුන් ඒ ගැන දක්වන උනන්දුව අඩු නිසා යහපත් ප්‍රතිඵල ලබාගත නොහැකි වුනා.

    ඒ ගැන යම් පැහැදිලිකිරිමක් කළොත් හොඳයි නේද....?

    ReplyDelete
    Replies
    1. හිතවත් සුමිත්,

      කාරණය ඇත්ත.
      ඒත් මට හිතෙන විදිහට පෙදරේරු මහත්වරුන් රසායනික ප්‍රතිකාර ක්‍රම ගැන දක්වන උනන්දුව අඩු වෙන්න‍ට සාධාරණ හේතු තියෙනවා.

      ගෘහස්තමය ඉදිකිරීමක් බොහෝවි‍‍ට ශ්‍රම කොන්ත්‍රාතුවක් විදිහට තමයි සිද්ධ වෙන්නේ. එහිදී නොන්ක්‍රීට් මිශ්‍රකෙරෙන්නේ කුඩා පරිමාන යන්ත්‍ර වලින්. වැඩි පහසුවට එයිනුත් වරකට මිශ්‍ර කරන්නේ බොහෝවිට සිමෙන්ති කොට්ට 1/2 බැගිනුයි. කොන්ක්‍රීටයක් දානකොට බාස්ලා කට්ටියම මාරාවේෂ වෙලානොවැ ඉන්නේ. ඉතින් ඔයවෙලාවට එක් එක් වාරයට රසායනික ප්‍රතිකාර එකතු කරනඑක මහා වදයක්. ඇරත් එහෙම කලාය කි‍යලා බාසුන්නැහේට අමතරව ලැබෙන ආර්ථික ප්‍රතිලාභයකුත් නැහැ නොවැ.

      හැබැයි Ready-mix concrete භාවිතා කරනවානම් එහෙම ගැටළුවක් නැහැ.
      තව කාරණයක් ඔයා දන්නවානේ, Chemical admixtures යෙදීම ඇත්ත‍ටම කාර්මික වැඩක්. නිසි පරිදි තත්ව පාලනයකට යටත්ව තමයි සිදුකල යුත්තේ. ඔයාට ඒ කටයුත්ත direct supervise කරන්න යන්න ඉඩක් නැතිනම් අඩුම තරමින් වැඩබිම් සුපරීක්ෂක වරයෙක්වත් ඒසදහා යොදවන්න ඕන.

      හැමදාමත් වගේ මේක බලන අයගේ දැනුමට අමතර යමක් එකතුකිරීම ගැන බොහෝම ස්තුතියි.

      Delete
  6. අඩේ මේක සුපිරියි නේ... දැන් පුලුවන් බාස්ල දෙන ටෝක් වලට දෙන්න උන්ගෙ රෙදි ගැලවෙන්න ටෝක් ටිකක්... දිගටම ලියපන් මචා... මට ගෙයක් හදාගන්න කාලෙකට මේ තොරතුරු ටික පට්ට වැදගත්

    ReplyDelete
    Replies
    1. ඇනා 3,

      උනන්දු කරවීම ගැන ස්තුතියි. දිගටම අපත් එක්ක රැදෙන්න.
      හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලුනේ.

      Delete
  7. Nodanna deval godak dena gathta. basla kiyanne maha pandithayo. thava liyanna.THANKS!

    ReplyDelete
    Replies
    1. ඇනා 4,

      සමහර බාස්ලා මහ පණ්ඩිතයෝ තමයි. ඒත් හුගක් බාසුන්නැහැලා අත්දැකීමෙන් දන්නවා වැඩක් කරන වඩාත්ම පහසු ක්‍රමය. ගැටළුව තියෙන්නේ වඩාත්ම පහසු ක්‍රමය වඩාත්ම නිවැරදි ක්‍රමය නොවන එකයි. මේ දෙක අතරේ පරතරය අඩුකරගන්නාඑක තමයි වඩාත්ම සුදුසු.

      උනන්දු කරවීම ගැන ස්තුතියි. දිගටම අපත් එක්ක රැදෙන්න.

      Delete
  8. මගේ ගෙදර slab එක හෙට අනිදම දානවා මේක හුගාක් මට වටිනවා දැන් පුලුවන් බාස්ල දෙන ටෝක් වලට දෙන්න උන්ගෙ රෙදි ගැලවෙන්න ටෝක්
    www.dinumadushan.tk

    ReplyDelete
    Replies
    1. හිතවත් දිනුක,

      “මගේ ගෙදර slab එක හෙට අනිදම දානවා“

      එහෙනම් ඉක්මනින්ම මීලඟ පෝස්ටුව ලබාදෙන්නම්, ඒකත් ඔබට අනිවාර්යයෙන් වැදගත් වේවි.

      Delete
  9. Thanks for this very useful information. Kepp up the good work. Wish u all da best...

    ReplyDelete
    Replies
    1. ඇනා 5 / කුක්කු පුතා,

      උනන්දු කරවීම ගැන ස්තුතියි. දිගටම අපත් එක්ක රැදෙන්න.

      Delete
  10. ithama prayojanawath lipiyak keep it up...

    ReplyDelete
    Replies
    1. Think Tank,

      උනන්දු කරවීම ගැන ස්තුතියි. දිගටම අපත් එක්ක රැදෙන්න.

      Delete
  11. කියා නිම කරන්න බැරි තරම්ම මට මේ ඔබගේ ලිපි පෙල වටිනවා..තාම මේ ලිපිය කියවූවේ නෑ.මොකද මම ඔබේ ලිපි මුල ඉදලම කියවන්න පටන් ගත්ත නිසා.දිගටම ලියන්න ඔබට දිරිය ලැබේවා.

    කුරුම්නියා.

    ReplyDelete
    Replies
    1. කුරුම්නියා.

      උනන්දු කරවීම ගැන ස්තුතියි. දිගටම අපත් එක්ක රැදෙන්න.

      Delete
  12. ඉතා වටිනා කරුනු පැහැදිලි කිරීමක්..!
    සැලසුම් ශිල්පියෙක් විදියට වෘත්තීය කරන මාහටද මෙවැනි අත්දැකීම් අනන්තයි. මේ කාරනා අපි විසින් පෙන්නා දුන්නාම බාස්ලා එක එක කාරනා කියල බේරෙන්න හදනව මදිවට අපිත් සමඟ අමනාප වෙනවා. සමහර ඇත්තන් නිසි වැටහීමක් නැතිව බාස්ලා කරන වැඩවලට අනුමැතිය දෙන්නේ...ඔවුන්ට ලාභයක් තියෙනවායැයි සිතා නමුත්...ඒක ලාභයක් නොව දීර්ඝකාලීන අලාභයක් පමනක් නොව භයානක තත්වයකි.
    මේ තත්වය පෙන්වා දුන් එකට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. වී පොකුර,

      “මේ කාරනා අපි විසින් පෙන්නා දුන්නාම බාස්ලා එක එක කාරනා කියල බේරෙන්න හදනව මදිවට අපිත් සමඟ අමනාප වෙනවා.“
      ඕක තමයි ඇත්ත තත්වය.

      “සමහර ඇත්තන් නිසි වැටහීමක් නැතිව බාස්ලා කරන වැඩවලට අනුමැතිය දෙන්නේ...ඔවුන්ට ලාභයක් තියෙනවායැයි සිතා....“
      ඔව් ඔව් ඒ විතරක් නම් මදෑ...,
      සමහර වෙලාවට බාසුන්නැහේයි, සේවාදායකයයි එක පැත්තක, අපි තමයි ඒගොල්ලන්ගේ විරුද්ධ කාරයෝ වෙන්නේ.

      “සැලසුම් ශිල්පියෙක් විදියට වෘත්තීය කරන මාහටද මෙවැනි අත්දැකීම් අනන්තයි.“
      ඔන්න තවත් යාළුවෙක් අපට එකතුවෙලා. දිගටම අපත් එක්ක රැදෙන්න.

      Delete
  13. මට නම් ඉතාමත්ම වැදගත් ලිපියක්..

    ReplyDelete
    Replies
    1. උනන්දු කරවීම ගැන ස්තුතියි. දිගටම අපත් එක්ක රැදෙන්න.

      Delete
  14. මුල ඉදන්ම කියෙවුව . මටත් ඉතාම වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. උනන්දු කරවීම ගැන ස්තුතියි. දිගටම අපත් එක්ක රැදෙන්න.

      Delete
  15. කීවට විස්වාස කරන්නැති වෙයි මේ බ්ලොග් එක දැක්කේ මීට අවුරුද්දකට විතර කලින්. වැදගත් වෙයි කියල bookmark කරගෙන ඔන්න අද තම කියවන්න පුළුවන් උනේ. එක හුස්මට ඔක්කොම කියවල ඉවර කරා. ඇත්තටම මට මේක ඉතාම වටිනා blog එකක්. මට ඔබ තුමාගෙන් ගොඩක් විස්තර ලබා ගන්න පුළුවන් වෙයි කියල හිතනවා. සමහර ඔබගේ විෂයට අදාළ වචන බාවිතා කරන කොට ඒ පිලිබඳ සරල පැහැදිලි කිරීම් ලබා දෙනවනම් ගොඩක් ලොකු උදවුවක්. ඇත්තෙන්ම සමාජයට කරන ලොකු මෙහෙවරක්. ඔබට ජය සතුට .

    ReplyDelete
    Replies
    1. හිතවත් නිශාන්ත,

      උනන්දු කරවීම ගැන ස්තුතියි. දිගටම අපත් එක්ක රැදෙන්න.

      "සමහර ඔබගේ විෂයට අදාළ වචන බාවිතා කරන කොට ඒ පිලිබඳ සරල පැහැදිලි කිරීම් ලබා දෙනවනම් ගොඩක් ලොකු උදවුවක්"

      උපරිමයෙන් කටයුතු කරනවා.

      Delete
  16. සැටලීම ගලවන්න ඕනේ කොපම කාලකින්ද? මම අහල තියන විදියට 3 weeks වලින්

    ReplyDelete
    Replies
    1. හිතවත් දිනුක.

      "සැටලීම ගලවන්න ඕනේ කොපම කාලකින්ද?
      මම අහල තියන විදියට 3 weeks වලින් "

      සාමාන්‍ය කොන්ක්‍රීටයක් සදහානම් ඔයා අහල තියෙන විදිහ හරි.
      මෙහෙම පැහැදිලි කරන්නම්.

      සාමාන්‍ය තත්වයන් යටතේ ( ඒ කිව්වේ රසායනික ප්‍රතිකාරක නැතිව),
      1. පැති ලෑලි පැය 24 කින් ගලවා ඉවත්කල හැකිය.
      2. සරලව ආධාරක මත රැදවූ (Simply supported)කොන්ක්‍රිට් වල පතුලි ලෑලි - දින 21 කින් ගලවා ඉවත්කල හැකිය.
      3. තරප්පු සහ කැන්ටිලීවර වල වල පතුලි ලෑලි - දින 28 කින් ගලවා ඉවත්කල හැකිය.

      Delete
  17. අපි සාමාන්‍යයෙන් ගෘහස්ථව කොන්ක්‍රීට් දැමීමේදී කම්පකයෙන් වෙන කාර්යය කෙරෙන්නෙ නැහැනේ, ඒකේදි ලොකු හානියක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. හිතවත් ලහිරු,

      ගෘහස්ථ ඉදිකිරීමකදී කොහොමටත් කාර්මික මට්ටමේ තත්වපාලනයක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒ නිසාම තමයි ගෘහස්ථමය ඉදිකිරීමක ආයුකාලය වසර 20ක් විදිහට සැලකෙන්නේ.


      Delete
  18. ඉතාම වැදගත් ලියවිල්ලක්......ස්තුතී....

    ReplyDelete
  19. ගෙයක් දොරක් හදන කාලෙක වැදගත් වෙන තොර තුරු ටිකක් මමත් කියෙව්වා මොකද වලව්ව දන පරණ නිසා අලුත් වැඩියාවත් කොරගන්න ඕනේ.

    ReplyDelete
  20. බොහෝ අය දැන් tiles වෙනුවට concrete එක කපල පොලිෂ් කරන වැඩක් කරනවා නීද ?
    ඒ පිලිබඳ ඔබ දරන අදහස ?කුමක්ද ? එහෙම කරන තැන් සහ විස්තර ටිකක් දෙන්න පුලුවන්ද ?
    price එහෙම ....

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. ලිපි ලියන්නේ හෙමින් උනාට වැඩේ නම් නියමයි.

    ReplyDelete
  23. ගොඩාක් වටිනවා ..ඔබ තුමා දිගටම ලියන්න

    ReplyDelete
  24. නියමයි නියමයි. වැඩේ නම් මාරම මාරයි. (මෙහෙම comment කලේ ලිපි පෙල බොක්කටම වැදුන නිසයි)

    ReplyDelete
  25. රළු ගල් පිළිබදව ලිපියක් ලියන්න

    ReplyDelete
  26. යමකට ඔන කොන්ක්රි් ප්රමාන දැනගන්නෙ කොහොමද. උදා:දිග.අඩි.10.පලල අඩි.8 උස අගල් .5

    ReplyDelete
  27. සුපිරිම සුපිරි වැඩක් ආ...,

    ReplyDelete

මේ වැඩේ හොදද නරකද කියලා කිව්වොත් ඒක ඉදිරි පෝස්ටු වලට නම් පුංචි තල්ලුවක් වේවි. හැබැයි කොමෙන්ටුවක් නොදැම්මා කියලා මගේ හිතේ කිසිම කහටක් නම් නැහැ ආයිබොවන්ඩ....