Tuesday, December 24, 2013

ආවා ආවා.... ආයෙත් ආවා......!

කවුරු කවුරුත් දන්නවානේ මේසන් බාසුන්නැහැලාගේ කල්කිරියාව. වැඩක් අතරමඟ දාලා ගියොත් ආයේ කවදා ආපසු වැඩට ඒවිද කියන්න බැහැනේ. වැඩිපුර හැදි, ලඹ එතකොට මට්ටම් ලී එහෙම තියාගෙන ඉන්නේ ඒ ඒ වැඩපලෙහි බාසුන්නැහැගේ නැවත පැමිණීම සංකේතාත්මකව දක්වන්න තමයි.



කොහොම කොහොම හරි අවුරුද්දකට විතර පස්සේ, මේසන් බාසුන්නැහේ නැවතත් පරණ වැඩපොලට පැමිණ තියෙනවා. ඒ නිසා නැවතත් සුපුරුදු විදිහට 2014 වසරේ ඉදන් හිතවත් ඔබ සැම මුණගැසේවි.
එහෙනම් ලබන්නාවු 2014 නව වසරත්, උදාවන්නාවූ නත්තලත් ප්‍රීතිමත් සහ සුභදායී එකක් වේවා කියලා පතනවා.

සැමට ජය !

මේසන් බාස්


ප.ලි.

මේසන් බාස්ගේ මූනුපොතේ ගිණුම තවම සක්‍රියව පැවතුනාට, එයට ඇතුළුවීමට යොදාගන්නා විද්‍යුත් තැපැල් ලිපිණය අක්‍රියවී ඇතිබව කණගාටුවෙන් දැනුම්දෙනු ලැබේ. අදාල  මූනුපොතේ ගිණුමට පිවිසීමට විකල්ප ක්‍රමයක් දන්නා මිතුරෙක් වේනම්, දුප්පත් බාසුන්නැහැට උදව්වක් කරන්න ඔන්න වේලාව !

23 comments:

  1. මෙක අදනෙ බොලෙ දැක්කෙ.පරන ලිපි හරි වැදගත් වගෙ.කියවන්නඔන

    ReplyDelete
    Replies
    1. මේකෙන් ඵලප්‍රයෝජනයක් ගන්න ඇහැකිනම් ඒකයි මගෙත් සංතෝෂය අයිබොවන්ඩ

      Delete
  2. මේසන් බාස්ලා විතරක් ඉන්නෙ ඇයිද දන් නැහැ..බාසිලාත් පුරුදු කරනවා නම් ඒක වටිනව කියල මට හිතෙනවා..මේසන් වැඩ කියන්නෙ අතේ හයියෙන් විතරක්ම කරන වැඩකිඩ නෙමෙයි නේ..ගෑනු අයටත් පුලුවන් වෙයි මේසන් වැඩ හුරුවෙන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කාරණය නම් අපේ වාගේ රටවල්වල මේසන් වෘත්තියේදී කරන්නට යෙදෙන බොහොමයක් ක්‍රියාකාරකම් “බරවැඩ“ යටතට තමයි වැටෙන්නේ. ඉතින් සියුමැලි දෑත්වලට ඒවා ගැලපෙනවා මදි. හැබැයි මේවෘත්තියේම සමහරක් සියුම්වැඩ තියෙනවා කාන්තාවන්ට වඩාත් ගැලපෙන.

      Delete
  3. මට මේ බ්ලොග් එක හම්බ උනේ ඔයා ලියන එක නවත්තලා තිබ්බ කාලේ ඒත් වැදගත් යම්ක් තිබ්බ හිනදා නොලිව්වා උනත් මගේ බ්ලොග් රෝලට එකතු කලා.දැන් ආයේ ලියන්න ගත්ත එකට සංතෝසයි.ඔහොම යමු

    ReplyDelete
  4. අවුරුද්දක්ම ගිහින්.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා, කාලය බොහොම වේගයෙන් ගිහිල්ලා නොවැ.
      අපිව මතක්වුනාට බොහොම ස්තුතියි.

      Delete
  5. හොඳයි එහෙනං අායෙත් වැඩ පට්ටාං ගමුකො.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      හැමදාම අපව දිරිමත් කිරීම ගැන.

      Delete
  6. ලඹෙයි - හැන්දයි තාම ඇඳ යට.... එහෙනම් පටන්ගමු...!

    ReplyDelete
    Replies
    1. සුමිත්ටනම් අපි ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ....

      Delete
  7. ආයේ ඉතිං උඹත් නියම බාස් තමා... ගිය පාර ගෙනාපු සිමෙන්ති කොට්ට ටික ගල් වෙලා... දැන් එනවා ආවා ආවා කියාගෙන... :D

    ReplyDelete
    Replies
    1. අය්යෝ ඕවා මොනවද මහත්තයා, හොදටම ගල්වෙලා නැහැ. පොඩ්ඩක් තට්ටු කරලා කුඩු ටික හලලා ගනිමු. හා... හා....

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. කපරාරු කරපු, හුණු නොමැදපු, එත් හුනු ගාපු බිත්ති තමයි මගේ ගෙදර තියෙන්නේ දැන් මට ඕන හුණු මැදලා ලස්සන කරලා ගන්න, හුණු මදින්නේ නැතුව බිත්තිවල හොද නිමාවක් ගන්න ක්‍රමයක් තියෙනවා නම් කියලා දෙන්න. මචං

    ReplyDelete
    Replies
    1. බිත්ති ගොඩක් පරණ නැතිනම් පොටි (Skim Coat) පාවිච්චි කරන්න පුළුවන්

      Delete
  10. තිබුන ගටලු මතකත් නහෑ :)

    ReplyDelete
  11. ගෙවල් හදනවා කිව්වා හින්ද බලන්න අව මේ පැත්තට.. . මමත් ගෙයක් හදන්න පටන් ගත්ත හින්ද දැනගන්න සැහෙන දේවල් තියෙනවා. . බාසුන්නහෙට තව තව ශක්තිය ලැබේවා..

    ReplyDelete
  12. ඉසුරු උදානJune 12, 2017 at 11:46 PM

    අලුතින් මොනවාහරි දාන්න..පිලීස්..

    ReplyDelete

මේ වැඩේ හොදද නරකද කියලා කිව්වොත් ඒක ඉදිරි පෝස්ටු වලට නම් පුංචි තල්ලුවක් වේවි. හැබැයි කොමෙන්ටුවක් නොදැම්මා කියලා මගේ හිතේ කිසිම කහටක් නම් නැහැ ආයිබොවන්ඩ....