අපි පසුගිය ලිපියෙන් කථාකලේ, රජරට ලොකු ගඩොල් එහෙමත් නැතිනම් වන්නි ගල් සම්බන්දවයි. ඒ ගැන දැනගන්න කැමති කෙනෙකුට මෙතනින් එම පෝස්ටුව බලන්න පුළුවන්. සති කිහිපයක් එකදිගටම මිලෙන්වැඩි, සම්ප්‍රදායික ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍රමවේද ගැන කථාකලනිසා ඒ වෙනුවට ඉදිරිපත් වෙලා තියෙන ලාබදායී නූතන විකල්ප පිලිඹදව දැනගන්නඑකත් නිවසක සිහිනය සැබෑවක් කරගන්න වෙහෙසෙන හැමෝටම වැදගත් වේවි. ඉතින් අද දවසේ අපේ බලාපොරොත්තුව එවන් විකල්ප ක්‍රමවේදයක් ගැන බිඳක් වැඩිපුර කථාකරන්නයි.
ස්ලිප් ෆෝම් බිත්ති
නිවාස බිත්ති ගොඩනැංවීමේ නූතන විකල්ප ක්‍රමවේද අතුරින් පලමුවෙන්ම සාර්ථක ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලද්දේ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා ප්රමුඛ නර්ඩ් ඉංජිනේරු කණ්ඩායමයි. ඒ මෙයට වසර 30කට නොඅඩු කාලයකට කලින්. මෙය හැදින්වුයේ ස්ලිප් ෆෝම් බිත්ති (Slip Form Walls) ලෙසයි. මෙහිදී ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස උපයෝගී කරගනු ලැබුවේ එවකට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන කඳු වශයෙන් ගොඩගසාගෙන සිටි, කළුගල් නිෂ්පාදනයන්හි අපද්‍රව්‍යයක් වශයෙන් ලැබුණ ගල්කුඩුයි (Quarry Dust). මෙම ගල්කුඩු සහ සිමෙන්ති 1:12 අනුපාතයකට ගෙන 2% ක කොහුකෙදි ප්‍රමාණයක් සහිතව සීමිත ජලප්‍රමාණයක් යටතේ මිශ්‍ර කොට, විශේෂ යකඩ අච්චුවක් (Slip Form Shutter) මාර්ගයෙන් බිත්ති ඉදිකිරීම සිදුවූවා. නර්ඩ් අත්තිවාරම මත ස්ථාපිත පෙරසවි කුළුණු වෙත ජී-කලම්ප මගින් සවිකරන ලද යකඩ අච්චුව, ද්‍රවස්තිතික ජැක්කු මාර්ගයෙන් බිත්තිය හා සමගාමීව ඉහලට එසවෙනු ලැබුවා.
මේ බිත්ති කුස්තුර රහිත වූ බැවින් සම්පූර්ණ පනේලයම තනි ව්‍යුහයක් (යෝධ බ්ලොක් ගලක්) වශයෙන් ක්‍රියාකිරීම නිසා බර දරණා ව්‍යුහමය බිත්ති වශයෙන් ඉතා සාර්ථකව උපයෝගීකරගැනීමේ හැකියාව ලැබුණා. මහල් ගොඩනැගිලි සදහා 6“ පලල බිත්තිද තනි තට්ටුවේ ගොඩනැගිලි සදහා 4“ බිත්තිද යොදාගනු ලැබුවා. මෙහිදී උපයෝගී කරගත් යම් යම් තාක්ෂණික ක්‍රමවේද හේතුවෙන් පුහුණු ශ්‍රමිකයන් ඉතා අඩු සංඛ්‍යාවක් පමණක් උපයෝගී කොට වඩා වේගවත් ඉදිකිරීමක් සිදුකිරීමේ හැකියාව ලැබුණා. බිත්ති ලඹකිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවීමත්, එක් දිනක් තුල සම්පූර්ණ බිත්තියක්ම ඉදිකල හැකිවීමත් ( සාම්ප්‍රදායික බිත්තියක් දිනකදී ඉදිකලහැකි උපරිමඋස අඩි 5කි) කපරාරු අනවශ්යවිමත්, අඩු අමුද්‍රව්‍ය පිරිවැයත් ආදී වාසි රැසක් අත්කර දෙනු ලැබුවා. වියදම් පිරිමැසීම ගැන සදහනක් කලොත්, යම් බිත්තියක දෙපස කපරාරුව සදහා යන වියදමින් එම බිත්තිය ඉදිකලහැකිබව පෙන්වාදෙනු ලැබුවා.
මෙහි කොහුකෙඳි එකතුකිරීම, එතෙක් පැවති ක්‍රමවේදයන්ට වඩා බොහෝ වෙනස්වූ කාරණයක්. එහි බලාපොරොත්තුව වුනේ ඉදිකෙරෙන බිත්තියට මූලික වැරගැන්නුමක් ලබාදීම පමණයි. ඒ අනුව එක් දිනක් තුල සම්පූර්ණ බිත්තියක්ම ඉදිකිරීමෙහි හැකියාව, ස්ලිප් ෆෝම් බිත්ති වලට එකතුකරනලද කොහුකෙදි මඟින් ලබාදෙනු ලැබුවා. ඇත්තටම ගල්කුඩු මිශ්‍රණයෙහි සිමෙන්ති අංශුන්ගේ සවිවීම ආරම්භවන බැවින් කොහුකෙදි වල රාජකාරිය මුල් පැය 24 තුලදීම අවසන්වෙනවා. බිත්ති නිමකිරීමේ අදියරේදී, බ්ලෝව් ලාම්පුවකින් පිලිස්සීමෙන් බිත්තිවලින් පිටතට මතුවඇති කොහුකෙඳි ඉවත්කරනු ලැබුවා. අනතුරුව සිමෙන්ති කුඩු ස්වල්පයක් එක් කරනලද හුණු බොරයෙන් (Lime putty) බිත්ති මතුපිට සුදතැබීම සිදුවුණා. කොහොම වුනත් මෙම කොහුකෙඳි එකතුකිරීම, ඒ පිලිඹදව නිසි වැටහීමක් නොතිබූ සාමාන්‍ය ජනතාව අතරින් බොහෝදෙනකු, කොහුබත් එකතු කිරීමක් ලෙස වරදවා වටහාගෙන තිබුණා.
කොහෙමවුනත් පසුකාලීනව බ්ලොක්ගල් භාවිතය ප්‍රචලිත වීමත් සමඟ අමුද්‍රව්‍ය සඳහා ඇතිවූ තරඟයත්, අදාල ක්‍රමවේදයන් භාවිතය සදහා විශේෂ පුහුණුවක් සහ උපකරණ ප්‍රමාණයක් අවශ්‍ය වීමත්, කපරාරු නොකරන ලද ස්ලිප්ෆෝම් බිත්තියක නිමාව, කපරාරු කරන ලද බ්ලොක්ගල් බිත්තියක් හා සැසදීමේදී 95% නොඉක්මීමත්, ගඩොල් බිත්තියක් හා සැසදීමේදී ගොඩනැගිල්ලක ඇතුලත පරිසරයේ උශ්නත්වය සමනය කිරීමට එය දායක නොවීමත් සහ විශේෂයෙන් නර්ඩ් ආයතනය මගින්ම පසුකාලීනව වඩා පහසු සහ සාර්ථක ක්‍රමවේද ඉදිරිපත් වීමත් හේතුකොටගෙන මෙවන් ස්ලිප්ෆෝම් බිත්ති ඉදිකිරීම අදවනවිට නර්ඩ් තාක්ෂණයෙන් ඉදිකෙරෙන ගොඩනැගිලි වල අත්තිවාරම් බැම්ම ඉදිකිරීමට පමණක් සීමාවෙලා තියෙනවා කියනඑකත් නොකිව්වොත් වැරැද්දක්.
ආයෙත් සත්දිනකින් හමුවෙමු!
ප.ලි.
මීලඟ කොටසින් නර්ඩ් ආයතනයේම,
1. ස්ලිප් ෆෝම් පස් බිත්ති
2. ස්ථායීකරනය කල පස්ගල් බිත්ති.
පිලිඹද විස්තර දෙන්නයි බලාපොරොත්තුව.
ස්ලිප් ෆෝම් ක්රමයේ තියෙන ලොකුම අවාසිය අදාල උපකණ සොයා ගැනීමේ අපහසුවයි. ඒ වගේම ඉදිකළ නිවසක ඇතුළත උණුසුම ඉතා අධික වීමත් මේ ක්‍රමය ජනප්‍රිය නොවෙන්න හේතුවක්.හැබැයි කෙටි බිත්ති සහිත පොදු ගොඩනැගිලි වලටනම් මේ ක්‍රමය ඉතාම වාසිදායකයි.
ReplyDeleteහිතවත් ස්මිත්,
Delete//ස්ලිප් ෆෝම් ක්රමයේ තියෙන ලොකුම අවාසිය අදාල උපකණ සොයා ගැනීමේ අපහසුවයි.//
මේ කාරණය ඇත්ත. ඒත් එකෙත් එක්තරා විදිහක වාසියක් තියෙනවා. මොකද මේ ක්‍රමවේදය පිළිඹදව පුහුණුවක් හෝ හරි දැනුමක් නැති උදවිය ස්ගිප් ෆෝම් බිත්ති බදින්නට ගිහිල්ලා අමාරුවේ වැටෙනඑක එයින් වලකිනවා.
මම හැමදාමත් කියන්නේ..., මේ අළුත් ක්‍රමවේද නිසි දැනුම ඇත්තන් විසින් පමණක් භාවිතා කලයුතුමයි.
//ඉදිකළ නිවසක ඇතුළත උණුසුම ඉතා අධික වීමත් මේ ක්‍රමය ජනප්‍රිය නොවෙන්න හේතුවක්//
මේ කාරණයත් ඇත්ත. ඒත් බ්ලොක්ගල් බිත්ති සමග සැසදුවොත් නිවසක ඇතුළත උණුසුම අවස්ථා දෙකේදීම සමානයි. කොහොමවුනත් රස්නේ අඩු න්රමවෙද ගැන ඉදිරියේදී විස්තර කරන්නම්.
කොමෙන්ටුවට ස්තුතියි. දිගටම අපත් එක්ක රැදෙන්න.
බොහෝම ස්තූතියි ලිපියට.. මෙන්න මේවගේ ක්‍රම ගැන දැන ගන්න එක තමා වටින්නේ..
ReplyDeleteහිතවත් පැතුම්,
Deleteතව තවත් අළුත් න්රමවෙද ගැන ඉදිරියේදී විස්තර කරන්නම්කෝ.
කොමෙන්ටුවට ස්තුතියි. දිගටම අපත් එක්ක රැදෙන්න.
මෙවැනි බිත්ති බැදීමේ ක්‍රමයක් ගැන අදමයි දැන ගත්තේ දැනුවත් කිරිමට ස්තුතියි.
ReplyDeleteහිතවත් නීල්,
Deleteකොමෙන්ටුවට ස්තුතියි. දිගටම අපත් එක්ක රැදෙන්න.
මම මේ ගැන අහල තිබුනත් මෙච්චර විස්තර දැනගත්තෙ අදයි.
ReplyDeleteමේ ලිපි පෙල බොහොම අගෙයි... ඒත් එක්කම,
"නර්ඩ් ආයතනය මගින්ම පසුකාලීනව වඩා පහසු සහ සාර්ථක ක්‍රමවේද ඉදිරිපත් වීමත් හේතුකොටගෙන"
මේ කිවුව වගේ මේ අලුත් තාක්ෂණය ගැනත් ලියයි කියල බලාගෙන ඉන්නව
සුළඟ,
Delete//මේ කිවුව වගේ මේ අලුත් තාක්ෂණය ගැනත් ලියයි කියල බලාගෙන ඉන්නව//
අකිවාර්යයෙන් ලියනවා,
කොමෙන්ටුවට ස්තුතියි. දිගටම අපත් එක්ක රැදෙන්න.
ගොඩක් වැදගත් ලිපියක්, පෙදරේරුවන් අවමව යොදාගන්න මේවගේ ක්‍රමයක් ගැන සිතමින් සිටියේ. ඒත් මෙම ක්‍රමයේදී නිවස ඇතුලත අධිකව රත්වීම නම් ගැටළුවක්, එසේ රත්වෙන්නේ ඇයිදැයි පැහැදිලි කරන්න පුළුවනිද? අළුත් උපකුම ගැන හිතන්න එය උපකාරී වේවි. ස්තූතියි.
ReplyDeleteදුප්පතා,
Delete//මෙම ක්‍රමයේදී නිවස ඇතුලත අධිකව රත්වෙන්නේ ඇයිදැයි පැහැදිලි කරන්න පුළුවනිද? //
ඒක වෙන්නේ මෙහෙමයි. මෙහිදී යොදාගන්න අමුදුව්‍ය වන සිමෙන්ත් සහ ගල්කුඩු වලට ඉහල තාප සන්නායකතාවක් තියෙනවා. වෙනත් විදිහකින් කිව්වොත් මේ වර්ග යොදාගෙන තනපු බ්ත්තියක් හරහා බොහොම පහසුවෙන් රස්නය (තාපය) ගමන්කරන්න පුළුවන්. එතකොට හිරුඑලියට නිරාවරණය වෙච්ච පිටත බිත්තියක රස්නය, ඇතුලට බොහොම පහසුවෙන් ගමන්කරලාථ ඇතුලත පරිසරය උණුසුම් කරනවා.
කොහොම වුනත් මෙම කුමයේදි නිවස ඇතුලත රත්වීම සාමාන්‍ය බ්ලොක්ගලින් බැදි නිවසක ඇතුලත තත්වයට සමානයි. ගඩොල් වලට සාපේක්ෂව තමයි අපි ඇතුලත රස්නෙයි කියලා කියන්නේ.
පිළිතුර ඉතා පැහැදිලියි, හිරු එලියට එක එල්ලයේ නිරාවරණය වන බිත්ති සඳහා පමණක් ගඩොල් භාවිතය සහ පිටත බිත්ති හැකි පමණින් වහලයේ පලයට මුවා කිරීමෙන් නිවස ඇතුලත රත්වීම අඩුවේ යැයි සිතෙනවා.
Deleteබොහොම ස්තූතියි.
nice post i found it searching in the internet thanks dude
ReplyDeleteEinfoLK
ela ela
Hi Lahiru,
DeleteThanks for the encouragement.
Pls. Keep in touch.
keep it up bro.good luck
ReplyDeleteHi COPP.
DeleteThanks for the encouragement bro.
Keep in touch.
සහෝ මට දැනගන්න පුලුවන්ද මේ ක්‍රමයට අඩුවියදම් නිවසක් හදා ගන්න[ නර්ඩ් ] එකෙන් මොනවිදිහෙ සහයෝගයක්ද අපිට ලබාගන්න පුලුවන් කියල
ReplyDeleteහිතවත් කවිඳු,
Delete//මේ ක්‍රමයට අඩුවියදම් නිවසක් හදා ගන්න[ නර්ඩ් ] එකෙන් මොනවිදිහෙ සහයෝගයක්ද අපිට ලබාගන්න පුලුවන්//
මෙහෙමයි, මේ ක්‍රමවෙදය ගැන මූලික අවබෝදයක් ලබාගන්නත්, මේ විදිහට හදපු ආදර්ශ ගොඩනැගිලි නරඹන්නත් ඒ වගේම මෙම ක්‍රමවේද පිලිඹදව පුහුණුව සහ බලපත්‍ර ලාබූ ඉංජිනේරඅවන්, සැලසුම් ශිල්පීන්, ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන් සහ උපාංග සපයන්නන් පිලිඹදව විස්තරත් නර්ඩ් ආයතනයෙන් ඔබට ලබාගන්න පුළුවන්.
තවඑකක්, මේ සියළු තොරතුරු ඔඉ කියවන මේ බ්ලොග් එක හරහාම ඉදිරියේදි ලබාදෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා.
ගොඩක් ස්තුතියි ඉක්මනින්ම පිලිතුරක් ලබා දීම ගැන ....මගෙත් ලොකුම හීනයක් තමා ගෙයක් හදා ගන්න එක.....[අඩුවියදම්] ...බ්ලොග් එකත් එක්ක දිගටම . ඉන්නව අනිවාර්යයෙන්ම....සුබ අනාගතයක් ඔබට..........
ReplyDeleteස්තුතියි
Deleteගොඩක් දේ දැනගත්තා..ඉදිරි ලිපියත් කියවන්න බලා සිටිනවා..
ReplyDeleteහිතවත් රූ,
Deleteඋනන්දු කිරීම ගැන ස්තුතියි.
ගොඩක් වැදගත් ලිපියක්! ගොඩක් ස්තුතියි!!!
ReplyDeleteඔබගේ ලිපි ඉතාමත් අගෙයි, මමත් මේ දිනවල නිවසක් තැනීමට පටන් ගෙනයි තියෙන්නේ. කපරාරු රහිත බිත්ති බැඳීමෙන් ගෙය නිමකිරීමට බලාපොරොත්තු වෙමි ඒ ගැනත් ඔබේ ඉදිරි ලිපි වලින් අප දැනුවත් කරන්න මෙන් ඉල්ලමි ස්තුතී!
ReplyDeleteස්තුතියි ගිහාන්,
Delete//කපරාරු රහිත බිත්ති බැඳීමෙන් ගෙය නිමකිරීමට බලාපොරොත්තු වෙමි ඒ ගැනත් ඔබේ ඉදිරි ලිපි වලින් අප දැනුවත් කරන්න මෙන් ඉල්ලමි//
හොදයි ගිහාන්, මිලඟ පෝස්ටුව නම් දැනටමත් Upload කරලා තියෙන්නේ, ඒකෙන් කියවෙන විස්තර ටික ඔයාගේ අවශ්‍යතාවට සෑහෙන්නේ නැතිනම්, කරුණාකරලා මට දන්වන්න. වැඩි විස්තර සහිතව අළුත් පෝස්ටුවක් දෙන්නම්.
වටිනා ලිපියක්. මේ තාක්ෂණය ගැන දැන ගත්තේ අදමයි
ReplyDelete