වියදම් අඩු ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණයක් හොයාගෙන යන අපේ චාරිකාවේ පලමු නැවතුම වුයේ නර්ඩ් මධ්‍යස්ථානයයි. එහිදී හමුවූ නර්ඩ් අඩුවියදම් නිවාස ඉදිකිරීමේ තාක්ෂණය ගැන මූලික හැදින්වීමක් කලින් ලිපියේ සිදුකෙරුණා ඔබට මතක ඇති. මතක නැතිනම් මෙන්න මෙතනින් ඒක බලන්න පුළුවන්.
තාක්ෂණ ක්‍රමවේදයන් විස්තර කිරීමේ පහසුව තකා මම නිවාසයක ඉදිකිරීමේ අදියරයන් කොටස් කිහිපයකට වෙන්කර ඉදිරිපත් කරන්නම්. ඒ අනුව,
Ø අත්තිවාරම
Ø බිත්ති සහ සැකිල්ල
Ø කොන්ක්‍රිට් තලය (මහල් ගොඩනැගිලි සදහා)
Ø වහලය
Ø නිමකිරීම්
Ø සේවා පහසුකම් (ජලය, විදුලිය, අපවහන)
විදිහට හැකිතාක් සරලව ඔබ ඉදිරියේ පෙලගස්වන්නම්. එයින් සමහරක් නීරස තාක්ෂණික කරුණු එකතුවක් වුනත් ටිකක් ඉවසීමෙන් කියවාදමන්න පුංචි උත්සහයක් ගත්තොත් ජීවිතයේ කවදාහරි, තමන්ට නැතත් යාළුවෙකුට හරි ඒක උදව්වක් වේවි.
නර්ඩ් අඩුවියදම් අත්තිවාරම් ක්‍රම
සාම්ප්‍රදායික නේවාසික ගොඩනැගිල්ලක අත්තිවාරම, ගැඹුරු කාණුරැසක් පුරවා බඳින ලද කළුගල් බැම්මකින් සහ මහල් ගොඩනැගිල්ලකදී නම්, එයට අමතරව නිශ්චිත දුර ප්‍රමාණ වලින් සකසන ලද කනුපාදම් රැසකින්ද සමන්විත තරමක් සුවිසල් ව්‍යුහයක්. නමුදු නර්ඩ් අත්තිවාරම පොලව මට්ටමේදී ඉතා කුඩා හරස්කඩක් සහිත බිම්තලාදයන් (Plinth beam) සමූහයකින් ඒකාබද්ධ කල කණුපාදම් රැසකින් සහ මෙම බිම් තලාද මත විශේෂ අච්චුවක් ආධාරයෙන් 1:10 සිමෙන්ති සහ ගල්කුඩු මිශ්‍රණයක් සම්පීඩනයකොට තනනුලබන අත්තිවාරම් බැම්මකින් පමණක් සමන්විත වෙනවා.
කනු පාදමක ආදර්ශයක්
මෙම ව්‍යුහයන් කෙතෙක් සරල ඒවාද කියතහොත් දෙමහල් නිවාසයක් සදහා බිම් තලාඳය මි.මි. 10 දගරවානේ කම්බි දෙකකින් සහ 6”x4” තරම් කුඩා හරස්කඩකින් යුක්ත වන අතර අත්තිවාරම් බැම්ම 6” ක ඝණකමකින් සහ තලාදය සමග 12” ක අවම උසකින් යුක්ත වීම ප්‍රමාණවත් වනවා. බැළුබැල්මට සෙල්ලම් ගෙයක් වැනි පෙනුමක් ඇතිවූවද ශක්තිමත්බව යනු යමක බාහිර හරස්කඩ ප්‍රමාණය නොවන වග අවබෝධ කරගතයුතු වෙනවා. මොකද සත්‍ය වශයෙන්ම මෙම තුනී කොන්ක්‍රිට් තලාදය ඒ මත සැකසූ ගල්කුඩු බැම්මත් සමග එකාබද්ධව සම්පූර්ණ ව්‍යුහයේ උසට (මෙහිදී 12”) සමාන කොන්ක්‍රිට් තලාඳයක් විලසින් ක්‍රියාකරන නිසයි.
බිම් තලාඳ සහ පෙරසවි කණු
කණු පාදම් (Column bases) මතදී බිම් තලාඳයෙන් ඉහලට පෙර-ආතතීකරිත (Pre Stressed) කොන්ක්‍රිට් කණු සවිකරනු ලබනවා. දෙමහල් හෝ තෙමහල් නිවාසයක් සදහා යොදාගැනෙන මෙම පෙර සවිකණු 6”x6” ප්‍රමාණයේ හරස්කඩකින් යුක්ත වෙනවා.
නර්ඩ් අත්තිවාරමේ මූලික සැකැස්ම මේක වුනත් ගොඩනැගිල්ල ඉදිකිරීමට යෝජිත භූමියෙහි ස්වභාවය මත සුළු සුළු වෙනස්කම් සිදුකිරීමේ හැකියාවක්ද පවතී. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් කණු පාදම් ඉදිකරනු ලබන්නේ වැඩබිමතුලදී කරනු ලබන ඉදිකිරීමක් වශයෙන් (In-situ construction) වුවත් වගුරු බිමකදී පොකට්ටු ලෙස සකසන ලද පෙරසවි කණුපාදම් යොදාගනු ලබනවා.
අත්තිවාරම් බැම්ම සැකසීම සදහා සවිකරන ලද විශේෂ අච්චුව
මේ සියළු කාරණා අනුව පැහැදිලි ලෙසම නර්ඩ් අත්තිවාරම, සාම්ප්‍රදායික ගොඩනැගිල්ලක් සදහා යන වියදමින් 35%~40% ක ඉතිරියක් ඔබට ලබාදෙනබව කියන්න පුළුවන්.෴
මේක හදුන්වාදීලා තියෙන නර්ඩ් ආයතනය ගැන දැනගන්න මෙතන කොටන්න.
මාත් ගෙයක් හදන්න යන්නේ ආයුබෝවන්ඩ තව විස්තර කියල දෙන්න
ReplyDeleteප්‍රිය සුරංග,
Deleteඅපත් එක්ක දිගටම රැදෙන්න. මේ ලිපිපෙල අනිවාර්යයෙන් ඔබට වැදගත්.
ඉස්සර බේස්ලයින් පාරේ ඔරුගොඩවත්ත හරියේ පාර අයිනේ ඉඩමක නර්ඩ් ආයතනයෙන් අඩු මිලට නිර්මාණය කරන ගෙයක් හදලා තිබුණා මිනිසුන්ට පේන්න
ReplyDeleteහිතවත් හසිත,
Deleteපැලියගොඩ නුවර පාර අද්දරත් ඒ වගේ වැඩක් ඉදිරියේදී සිද්ධවෙන්න යන කථාබහක් මටත් ඇහුණා.
නියම ලිපි සෙට් එකක්. මාත් ගෙයක් හදන්න කියලයි මේ දවස්වල ඔට්ටු වෙන්නේ. ගොඩක් වැදගත් කරැණු කාරණා රාශියක් මේ ලිපි වල අඩංගු වෙනවා. මටම කියාපුවා වගෙයි. සතුටුයි. දිගු ගමනක් යන්නට මගෙන් සුභ පැතුම්. ජයෙන් ජය.
ReplyDeleteහිතවත් රතී,
Deleteලඟදි ගෙයක් හදන්න නම් ඉන්නේ මේ ලිපිපෙල ඉතාම වැදගත්. දිගටම අපත් එක්ක රැදෙන්න.
අපුරුයි.. අපි ලියන අපබ්‍රංශ වලට වැඩිය මේවා මිනිස්සුන්ට වටිනවා .. අලුත් දේවල් ලියන්න පහනින් තවත් පහන් දල්වනවා වගේ..
ReplyDeleteදිරිමත් කිරීම ගැන ස්තුතියි සරත්
Deleteබොහෝම වටින ලිපි පෙලක ආරම්භයක්..පුළුවන් තරම් ඡායාරූප මෙන්ම රූප සටහන්ද එක් කල හැකි නම් වඩාත් හොදයි...
ReplyDeleteඉදිරි ලිපි වලට තව වැඩිපුර රූපසටහන් එකතු කරන්නම්.
Deleteඋපදෙසට ගොඩක් ස්තුතියි.
හොද හැදින්වීමක්. හැබැයි පුළුල් ලෙස කතා කල හැකි මාතෘකාවක් නිසා ලිපි තව දීර්ඝ වෙනවා නම් හොදයි. තාක්‍ෂනික කරුණු සමහර අයට නිරස වූවත් බහුතරයකට ඒවා ප්‍රයෝජනවත් විය හැකි නිසා ඒවාද හැකි පමණින් සරල ලෙස එක් කිරීම වැදගත් යයි සිතමි...
ReplyDeleteස්තුතියි දිනේෂ්.
Deleteමට දැනගන්න ඕන කොන්ක්‍රීට් උළුවහුවල පසුකාලීන දුර්විපාක ගැන දැනගන්න
ReplyDeleteහිතවත් හජිත,
Delete//කොන්ක්‍රීට් උළුවහුවල පසුකාලීන දුර්විපාක ගැන දැනගන්න ඕන//
මෙහෙමයි. කොයිදේත් වාසි අවාසි තියෙනවා. හුඟක් කොන්ක්‍රිට් උළුවහු නිෂ්පාදකයෝ, ඒවායේ අසව්(සරනේරු) සවිවන ස්ථාන සදහා යොදන ලි - ප්ලග් ගැන වැඩිපුර උනන්දු නැහැ. ඒ නිසාම බාල ලී වලින් හදපු "ලි - ප්ලග්" යොදාගත්තොත් පසුකාලීනව ගැටළු ඇතිවෙන්න පුළුවන්. හැබැයි නමගිය ආයතන වල නම් යොදාගන්නේ කොස් ප්ලග්.
තව එකක් බොහෝ කාලයක් වැස්සට නිරාවරණය වෙලා තිබ්බ කොන්ක්‍රීට් උළුවහුවල පසුකාලීනව පුපුරා යන්න පුළුවන් (යකඩ කොටස් මලකෑම නිසා).
නිසිපරිදි ප්‍රයිමරයක් රහිතව ස්ප්‍රේ කරන ලද කොන්ක්‍රීට් උළුවහුවල පසුකාලීනව තීන්ත පතුරු වශයෙන් ගැලවෙන්න පුළුවන්.
මේ කාරණා හැරුනහම ලී උළුවහු වලට වඩා කොන්ක්‍රීට් උළුවහු භාවිතය පරිසරය අතින් සේම ආර්ථිකමය පැත්තෙනුත් බොහෝ වාසි අත්කරදෙනවා.
මේ ගැන ඉදිරියේදී පෝස්ටුවක් පලවේවි.
දිගටම අපත් එක්ක රැදෙන්න.
නියමයි....
ReplyDeleteඑල එල
ReplyDeletemata hadanna ona punchi geyak aka kuliyata denna kamara 01 salei kussiyai kiyak ithara yaida
ReplyDelete